ෂස්නා මුසම්මිල් මාර්තු 6 මැතිවරණයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 15, 2021

ෂස්නා මුසම්මිල් මාර්තු 6 මැතිවරණයට

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ දියණිය ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට නියමිතය. 

එංගලන්තයේ මිල්ටන් කීන්ස් පළාතයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්.බී.ඒ. උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් ඒම්.එස්.සී. සංවර්ධන කළමනාකරණ උපාධිය හිමි කරගෙන ඇත. 

ෂස්නා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ ක්‍රියාකාරිනියක ලෙස කැපී පෙනෙන සේවාවක් කළ තැනැත්තියක ද වෙයි. 

වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගිය ඇය විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හදාරනු ලැබුවාය. පසුව සමාජ සේවා කටයුතුවල නිරතව සිටින අතරතුර ඇය බ්‍රිතාන්‍යය මැතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඉදිපත්ව සිටින්නීය.

Classified_Ad

Classified_Ad_News_Bottom