මීරාගේ හැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 21, 2021

මීරාගේ හැඩ

බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම දක්ෂ නළුවකු වන ෂාහීද් කපූර්ගේ ආදරණීය බිරිඳ මීරා රාජ්පුත් ය. 26 හැවිරිදි මීරා දෙදරු මවකි. 

බොලිවුඩ් නිළියක නොවුණත්, මීරා නිරන්තරයෙන් සමාජ ජාල හරහාත් ඉන්පසු ඉන්දීය මාධ්‍ය ජාල සේවා හරහාත් කාගේත් අවධානයට ලක් වන චරිතයකි. 
පසුගිය දා මීරා ඇගේ හොඳම මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගී වූවාය. එම මංගල උත්සවය වෙනුවෙන් මීරා සැරසී සිටි අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ වීමට පටන් ගෙන තිබේ.
එම ඡායාරූපවල මීරා දම් පැහැති සිල්ක් ලෙහෙන්ගා සහ විචිත්‍රවත් ලෙස එම්බ්‍රෝයිඩර් කළ මෙරූන් සහ රෝස පැහැ මිශ්‍ර ඩුප්තා ඇඳුමකින් සැරසී සිටින්නීය. 

ඇගේ මෙම සාම්ප්‍රදායික සරල චාම් පෙනුම වර්ණනා කිරීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ.‍ 'ඔයා දරු දෙදෙනකුගේ අම්මා කෙනෙකු යැයි කියන්නවත් බෑ' යන්න ඇතැමුන්ගේ අදහස වී තිබේ.
ෂාහීද් සහ මීරාගේ විවාහය සිදුවූයේ 2015 දීය. අද ෂහීද්ට වඩා මීරා ජනප්‍රියය. බොලිවුඩ් නිළියකට වඩා ඇය මෙසේ කතාබහට ලක් වෙයි. 
එන්.ඩී.ටීවී.

Classified_Ad