ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා

දැනට පවතින ද්විපාර්ශවීය අවබෝධතා සහ 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සහ ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පවත්වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණයේ ඉහළ කොටස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව සංවර්ධනය කර පවත්වාගෙන නොයන බවට ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් හෙතෙම කීය. 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් නිවැරැදිව වාර්තා වී නොතිබූ බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් සවිස්තර විස්තර ලබාදුන් බවත් එම ප්‍රකාශකයා කීය. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සහ ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා දැනට පවතින ද්විපාර්ශවීය අවබෝධතා සහ 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් පවත්වන නමුත් ඒ අවබෝධතා හෝ ගිවිසුම් යැපෙන්නේ නැති බවත් ඔහු කීවේය. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බව ද හෙතෙම පැවැසීය. මෙම සාකච්ඡාවලදී දෙරටටම ප්‍රතිලාභ ගෙනෙන දෙපාර්ශවයටම පිළිගත හැකි මොඩලයකට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සහ ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් දෙරටම සාකච්ඡා කළ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් කියැවුණු බව ද එම ප්‍රකාශකයා කීය. 

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවත් දෙරටටම ප්‍රතිලාභ ගෙනෙන තීරණය ඉක්මනින් ක්‍රියාවට නැංවීමට ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම කීය.

Classified_Ad

Classified_Ad_News_Bottom