ණය ගෙවන්න සහන කාලයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ණය ගෙවන්න සහන කාලයක්

කෙන්යාවට ණය පොලී ගෙවීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමට චීනය එකඟතාව පළ කර ඇත. 

කෙන්යාව ඇමෙරිකානු ඩොලර් මිලියන 245ක් මේ වසර මුලදී චීනයට ගෙවිය යුතුව තිබූ අතර එරට ආර්ථිකය තත්ත්වය සහ පසුගිය සති කිහිපයේදී පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ජූනි මාසය දක්වා මාස හයක සහන කාලයක් ලබාදීමට චීනය තීරණය කර ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ ණය දෙන රටවල නිලධාරීන්ගෙන් සමන්විත ‘පැරිස් ක්ලබ්’, සමාජයේ නිල නොලත් සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැති අතර එහිදි තවත් ගිවිසුමකට අත්සන් තැබිණි. 

එම ගිවිසුම අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණය පොලී ගෙවීම සඳහා ඉකුත් ජූනි මාස දක්වා සහන කාලයක් ලබා දී තිබේ. 

චීනයේ ‘‘තීරයක් මාවතක්’’ (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයකින් ප්‍රමාණවත් තරම් ආදායම් ජනනය නොකිරීම හේතුවෙන් කෙන්යාවට මෙලෙස ණය නැවත ගෙවීම දුෂ්කර වී ඇතැයි ‘සවුත් චයිනා මෝර්නිං පෝස්ට්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 

නයිරෝබී අගනුවර සිට නයිවාෂා නගරය දක්වා ඉදිකරන ලද දුම්රිය මාර්ගය වෙනුවෙන්, කෙන්යාව චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුවෙන් (එක්සිම් බෑන්ක් ඔෆ් චයිනා) ඇමෙරිකානු ඩොලර් බිලියන 1.48ක ණය මුදලක් ලබාගෙන තිබිණි. එහි පළමු වාරිකය මේ මස මුලදී ගෙවීමට නියමිතව තිබිණි. 

 නව ගිවිසුම අනුව ණය මුදල ගෙවීමට කෙන්යාවට අවුරුදු හයක කාලයක් ලැබෙන අතර මේ වසරේ ජූනි මාසයේ සිට තවත් වසරක සහන කාලයක් හිමි වේ. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් ගෙවීම සඳහා මාස හයක සහන කාලයක් හිමි ව තිබෙන අතර අදාළ මුදල මේ වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවිය යුතුව ඇත. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom