බදු ගැන පැහැදිලි කිරීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

බදු ගැන පැහැදිලි කිරීමක්

විශේෂ භාණ්ඩ සහ සේවා බද්ද සහ ප්‍රකාශ කර නොමැති මුදල් ගෙන ඒමට අදාළ 'සියයට 1 බද්ද' යනා දී නව බදු හඳුන්වා දීම සහ පවතින බදු අඩු කිරීම් ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාවට නංවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හඳුන්වා දුන් බදු වෙනස්කම්, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 වසර සඳහා අයවැයෙන් ප්‍රකාශ කළ බදු සහන ද ඇතුළුව මෙම නව බදු සහ බදු අඩු කිරීම් නව බදු වර්ෂය ආරම්භ වන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ද ආටිගල මහතා කීය. 

ඊයේ (25) කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එම කරුණු සඳහන් කළේය. 

දේශීය ආදායම් බදු පනත, එකතු කළ ආදායම් බදු පනත ඇතුළු බදු පනත් කිහිපයකට සංශෝධන කර ඇතැයි ද එම සංශෝධන ඉදිරියේදී ඒ සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි ද හෙතෙම කීය. 

දැනට ප්‍රකාශ කර නොමැති මුදල් ඇති අයට එම මුදල් රැගෙන විත් සියයට 1ක බද්දක් ගෙවා විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කළ හැකි යැයි ද ආටිගල මහතා කීවේය. එය මුදල් පනතක් ලෙස හඳුන්වා දෙන බව ද ඔහු පැවැසීය.

අපනයන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ලබා දෙන ආදායම් බදු කපා හැරීම් ද ඉදිරියේදී සිදුවන බව හෙතෙම කීය. 

 ඉදිරි වසර පහක කාලය තුළදී වත්මන් බදු ව්‍යූහය වෙනස් නොවන බවත් ඒ තුළින් ජනතාවට, ආයෝජකයන්ට හා ව්‍යාපාරිකයන්ට ස්ථාරවත්වය සහ විශ්වාසය ලබාදීමට අපේක්ෂා කරන බවත් ඔහු කීවේය. 

බදු සහන ලබාදීම තුළින් ආයෝජන සහ රැකියා උත්පාදනයටත් සමාගම්වලට වඩාත් ඵලදායී අයුරින් වර්ධනය වීමටත් ඉඩ සැලසෙන බවත් හෙතෙම තවදුරටත් කීය.

Classified_Ad

Classified_Ad_News_Bottom