කොරෝනා ගැන නිතරම පර්යේෂණ ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

කොරෝනා ගැන නිතරම පර්යේෂණ ඕනෑ

නිරන්තරයෙන් විකෘති වන බැවින්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ගැන නිරන්තරයෙන් පර්යේෂණ කළ යුතු බවත් වයිරස විකෘති අඩපණ කිරීමට එන්නත් යවත්කාලීන කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

'කොවිඩ් 19' ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්, මේ වනවිට වඩාත් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළත්, එය නොකඩවා වැඩිදියුණු කළ යුතු බව ජගත් විද්‍යාඥයෝ අවධාරණය කරති. 

සෙසු වයිරස මෙන් නොව, 'කොවිඩ් 19' වයිරසය ඉතා ඉක්මණින් වෙනස් වී විකෘතිකරණයට ලක් වීම සම්බන්ධයෙන් අවදානයෙන් පසු විය යුතු බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

තවමත් ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 

දෙවැනියට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර තෙවැනියට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom