අද මැදින් පුර පසළොස්වක පොහොය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

අද මැදින් පුර පසළොස්වක පොහොය

බුදුරජාණන් වහන්සේ 2000 ක් පමණ මහා සංඝරත්නය පිරිවරාගෙන, තම පියා සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට කිඹුල්වත් නුවර බලා වැඩමකර ඇත්තේ අද (28) වැනි අද මැදින් පුර පසළොස්වක දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. 

රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදී ඇත්තේ ද යශෝධරාවගේ දුක තුනී කිරීම සඳහා සඳකිදුරු ජාතකය දේශනාකර ඇත්තේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයකදීය. 

මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ද අද පොළොන්නරුව මැදිරිගිරිය පශ්චිමාරාමයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 

මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදු, ආර්ථීක වශයෙන් දුෂ්කර මට්ටමක සිටින, නිවසක් අහිමි හෝ අඩක් සාදන ලද නිවසක් හිමි දෙමව්පියන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ආධාර කිරීම සඳහා ය.‍ 

ඊට අමතරව, හන්තාන කඳු මිටියාවතේ ඉදිකළ සඳගිරි මහා සෑයේ කොත් වහන්සේ පැළදවීමේ පුණ්‍යොත්සවය අද සිදු කෙරේ. එම කොත්වහන්සේ පිළිමතලාවේ සිට පසුගිය 25 වනදා විහාරස්ථානයට වැඩම කරනු ලැබීය.

සඳගිරි මහා සෑයේ කොත්වහන්සේ පැළඳවීමේ පුණ්‍යොත්සවය අද සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

ලෝකවාසී බෞද්ධ ජනතාව සැදැහැවත් සිතින් අද දින ආගමික කටයුතු වල යෙදෙනු ඇති බවත්, මෙම උතුම් වූ මැදින් පුරපසළොස්වක් දිනයේ ශ්‍රී ලාංකික ජනතාවට නිසි මාර්ගෝපදේශ තුළින් නිර්වාණ සම්පත්තිය වෙත ළඟාවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom