ඉන්දුනීසියා දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

ඉන්දුනීසියා දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ මකාසාරා නගරයේ කතෝලික දේවස්ථානයක බෝම්බයක් පුපුරා ගිය බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් ආරක්ෂක අංශ පවසයි. 

ප්‍රහාරයෙන් නව දෙනකු තුවාල ලැබූ බව පොලිස් ප්‍රකාශක ඊ සුල්පාන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මෙම බෝම්බ ප්‍රහාරය සිදුවූයේ ශුද්ධ වූ පාස්කු සතිය ආරම්භ කරමින් පැවැති දේව මෙහෙය ඉලක්ක කර ගනිමිනි. 

ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුණු රාජ්‍යයක් වන අතර, මකාසාරා නගරය ඇත්තේ සුලවේසි දූපතේය. 

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි පොලිස් ප්‍රකාශකවරයා පැහැදිලි කර තිබේ. බෝම්බකරුගේ සිරුරු කොටස් පරීක්ෂා කරන බවත්, ඔහු හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉන්දුනීසියානු පොලිසිය වැඩි දුරටත් කියා සිටී. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom