'කොවිඩ් 19' ආවේ වවුලන්ගෙන් තමයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 15, 2021

'කොවිඩ් 19' ආවේ වවුලන්ගෙන් තමයි

කොවිඩ් 19 යන නාමයෙන් හැදින්වෙන කොරෝනා වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ වවුලන්ගෙන් යැයි නව අධ්‍යයනයකින් තහවුරු වී තිබේ. 

මේ බව තහවුරු කර ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලයේ වයිරස පර්යේෂණ අංශයේ විද්‍යාඥයන්ය.

ඔවුන් සිදු කළ අධ්යේයනයකින් පැහැදිලි වී ඇත්තේ, වයිරසය විකෘති වෙමින් වවුලන් තුළ තිබුණු බවත්, එය කෙලින්ම වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇති බවත්ය. 

කොවිඩ් 19 යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා වන අතර, මෙම වයිරස පවුලට අයත් වයිරස බොහොමයකි. 

සර්ස් සහ මර්ස් යනු කොරෝනා වයිරසය. සර්ස් මිනිසුන්ට ආසාදනය වුයේ අදුන් දිවියන්ගෙනි. මර්ස් ආසාදනය වූයේ ඔටුවන්ගෙනි. 

මීට පෙර විද්‍යාඥයන් සැක කළේ කොවිඩ් 19 වයිරසය, වවුලන් සහ අතරමැදි සතකු (කබැල්ලෑවන්) හරහා මිනිසුන්ට ආසාදනය වී, මිනිසුන් අතරේ පැතිරෙන්න ඇති බවය. 

කෙසේ නමුත් ග්ලාස්ගෝව් විශ්ව විද්යානලයේ විද්යා,ඥයන් ට අනුව, වයිරසය කෙළින්ම වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී ඇත. 

ඔවුන් මේ බව තහවුරු කර ගැනීමට වවුලන්ගේ කොරෝනා වයිරස විෂබීජ පුළුල් අධ්‍යයනයනට යොමු කළ බව ද පැවැසෙයි.

සී.එන්.එන්.

Classified_Ad

Classified_Ad_News_Bottom