කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක්

'අයිවමැක්ටින්' නමැති පණු බෙහෙත් පෙත්තට, කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බවත්, ආසාදිතයන් බොහෝ දෙනකු මෙම පණු බෙහෙත ලබා ගැනීමෙන් ඉක්මණින් සුවය ලබා ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය උපුටා දක්වමින් BBC වාර්තා කරයි.

'අයිවමැක්ටින්' පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නැත. 

කෙසේ නමුත් දකුණු අප්‍රිකා වෛද්‍යවරුන් 'අයිවමැක්ටින්' පණු බෙහෙත් කොරෝනා රෝගීන්ට ලබා දෙන බවත්, එම රෝගීන් සුවය ලබා ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. 

එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී ඇති නමුත් දකුණු අප්‍රිකාව දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට කර රාජ්‍යයකි. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී සිදුවුණු මරණ 52,000 ඉක්මවා ගොස් තිබේ. 

දකුණු අප්‍රිකාවේ පැතිරෙන කොරෝනා විකෘති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතට පවා ආසාදනය වැළැක්වීම අසීරු වී තිබේ. එහෙයින් දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන්නේ ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ජ් ජොන්සන් එන්නතය. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom