සිරවුණු නැව ඉවත් කිරීමේ සැලැස්මක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

සිරවුණු නැව ඉවත් කිරීමේ සැලැස්මක්

සූවස් නැවේ සිරවුණු 'එවර්ගිවන්' නමැති යෝධ නැව උදම් රළ උපයෝගී කර ගනිමින් තල්ලු කර, පාවීමට සැලැස්වීමට උත්සාහ ගන්නා බව නැව අයත් ජපාන සමාගම පවසයි. 

සූවස් ඇළේ යාත්‍රා කරමින් තිබුණු නැව, පැත්තට ඇදී ගොස් ඉවුරේ වැලි පරයක ගැටී සිරවූයේ වැලි කුණාටුවකට හසුවුණු නිසා යැයි පැවැසෙයි. 

නැව අනතුරට පත් වූයේ පසුගිය 23 වැනිදාය. 

නැව අයත් ජපාන 'එවර්ග්‍රීන්' සමාගමේ ප්‍රධානී ෂොයී කිසෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, ඉවුරේ වැලි තට්ටු හාරා ඉවත් කර ඇති බවත්, උදම් රළ සමඟ නැව ටග් බෝට්ටු යොදා ගනිමින් තල්ලු කර පාවීමට සැලැස්වීමට හැකිවනු ඇති බවත්ය. 

නැවේ බඳට කිසිදු හානියක් සිදුවී නොමැති බැවින් එය කළ හැකි වේවි යැයි තමන්ට විශ්වාස බව ද ෂොයී කිසෙන් පවසා තිබේ. 

මේ වනවිට විශේෂඥ කණ්ඩායම් රැසක් සූවස් ඇළ වෙත පැමිණ සිරවුණු නැව ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටී. ඇමෙරිකතන් විශේෂඥ කණ්ඩායමක් ද සූවස් ඇළ ට පැමිණ ඇතැයි පැවැසෙයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom