
ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා, ධවල මන්දිරයෙන් පිටවීමට පෙර, රහසේ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ එන්නත් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ට්‍රම්ප් කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. ඒ, පසුගිය ඔක්තෝබරයේය.
ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියා, පුතු බැරන් ද ආසාදිතයන් බව තහවුරු විය.
ට්‍රම්ප් එක් දිනක් රෝහල්ගතව සිටි අතර, වෛද්‍යවරුන් ඔහුට පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ කිහිපයක් ලබා දුන්නේය. දින කීපයක් ඇතුළත ට්‍රම්ප් කොරෝනා පරාජය කළේ ඒ අනුවය.
කොරෝනා ආසාදිතයන්ගේ සිරුරේ මාස 6 ක කාලයකට ප්‍රතිශක්තියක් පවතින නමුත්, ජනවාරියේ, ධවල මන්දිරයෙන් පිටවෙද්දී, ට්‍රම්ප් සහ මෙලානියා එන්නත් ලබා ගත් බව අනාවරණය කළේ ට්‍රම්ප්ගේ මාධ්‍ය උපදේශකවරයාය.
ඒ.එෆ්.පී.