බ්‍රසීලය ඉන්දීය එන්නත එපා කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 1, 2021

බ්‍රසීලය ඉන්දීය එන්නත එපා කියයි

සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නත බ්‍රසීලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 

කොරෝනා ආසාදනය වැළැක්වීමට මෙම එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමය. 

මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජයේ මැති ඇමැතිරුන් ඇතුළු ඉන්දියානුවන් බොහෝ දෙනකුට ලැබී ඇත්තේ මෙම 'කොවැක්සින්' එන්නතය. 

නේපාලය ඇතුළු තවත් රටවල් දෙකක් මෙම එන්නත මිලදී ගෙන එම රටවල වැසියන්ට ලබාදීම සිදු කරයි. 

'කොවැක්සින්' එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමට බ්‍රසීල රජය සූදානම් විය. කෙසේ නමුත් බ්‍රසීල ඖෂධ නියාමන අධිකාරිය එන්නත සුදුසු නැති බව තීරණය කළේය. ඒ අනුව, ලබා දුන් ඇණවුම අවලංගු කෙරුණු බව වාර්තා වේ. 

NDTV

Classified_Ad