රුපියලේ අගය 202 පසු කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Apr 1, 2021

රුපියලේ අගය 202 පසු කරයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඊයේ (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි. 

 මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය. 

ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඉකුත් (17) වැනිදා 201 සීමාව ඉක්මවා පහළ ගියේය. 

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට පේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe