අප්‍රිකා රටවල‍ට පරණ එන්නත් දීලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

අප්‍රිකා රටවල‍ට පරණ එන්නත් දීලා

තමන්ට ලැබුණු ‍'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් කල් ඉකුත් වී ඇති බවත්, ඒවා විනාශ කිරීමට සැලැසුම් කරන බවත් අප්‍රිකා රටවල් වන මලාවි සහ සුඩානය පවසයි. 

මලාවි සහ සුඩානය යන රටවලට ‍'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා 70,000 ක් ලැබී ඇත. 

එයින් වැඩි කොටසක් ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා යුනිසෙෆ් සංවිධානයෙනි. මලාවි සහ සුඩානය පවසන්නේ එම එන්නත් අප්‍රේල් මැද වනවිට කල් ඉකුත් වූ බවය. එන්නත් විනාශ කිරීමට සූදානම් වූයේ ඒ අනුවය. 

කෙසේ නමුත්, එන්නත් විනාශ නොකරන ලෙසත්, වැඩිදුර උපදෙස් ලැබෙන තුරු එම එන්නත් ළග තබා ගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (22) පැවැසීය. 

 මේ අතර, අප්‍රිකා රටවල වසංගත රෝග නිවාරණ ඒකකය ද මලාවි රාජ්‍යයටත් සුඩානයටත් දැනුම් දි ඇත්තේ, කල් ඉකුත් වීමේ දිනය පසුවුවත්, එන්නත් භාවිතයට ගැනීම ගැටලුවක් නැති බවය.‍

'කොවැක්ස්' වැඩසටහනට අමතරව, පෞද්ලික පරිත්‍යාග ලෙස ද ධනවත් සහ බලවත් රටවලින් අප්‍රිකා රටවලට එන්නත් ප්‍රදානය කෙරේ. එසේ ලැබෙන්නේ ධනවත් රටවල් එන්නත් නිෂ්පාදනය ආරම්භයේදී ගොඩගසා ගත් එන්නත් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආරම්භයේ දී එසේ එන්නත් ගොඩගසා ගත්ත ද, පසුව ඒවා සුදුසු නැතැයි තීරණය කළ බැවින්, කල් ඉකුත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී, දිළිදු රටවලට ඒවා පරිත්‍යාග කරන බවට බටහිර රටවලට චෝදනා එල්ල වී ඇත.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom