ඉන්දියානුවන්ට දොර වැසේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

ඉන්දියානුවන්ට දොර වැසේ

කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන කිසිවකුට තම රටට ඇතුළුවීමට අවසර නොදෙන බව කැනඩාව නිවේදනය කර තිබේ. 

මෙම තහංචිය දින 10 ක් පුරා ක්‍රියාත්මක වනු ඇතැයි ද කැනඩා රජය පවසා ඇත. මේ වනවිට කැනඩාවේ ද යළි කොරෝනා වැඩිවීමක් දකින්න ලැබේ. ලොව නන්දෙසින් හමුවුණු විකෘති කොරෝනා ප්‍රභේද කැනඩාවෙන් ද හමුවීම ඊට හේතුවය. 

මේ වනවිට ඉන්දියාවෙන් ද්විත්ව කොරෝනා වයිරස විකෘතියක් පමණක් නොව, ත්‍රිත්ව කොරෝනා විකෘතියක් ද හමුවී ඇත. 

ඉන්දියාවේ දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 පසු කිරීමට පටන්ගෙන ඇත්තේ මෙම විකෘති කොරෝනා වයිරස යැයි පැවැසෙයි. මීට අමතරව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද පවසා ඇත්තේ ඉන්දියානුවන්ට දොර වැසීමට තමන් තීරණය කළ බවය. 

මහා බ්‍රිතාන්‍යය ද ඉන්දියාවේ සිට පැමිණෙන කිසිවකුටවත් එරටට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නැත. 

ඉන්දියාවේ සිට පැමිණෙන බ්‍රිතාන්‍ය වැසියන් පමණක් රටට ඇතුළත් කර ගන්නා නමුත්, ඔවුන් දින 14 ක් නිරෝධානයේ රැදී සිටිය යුතු බවත් සෞඛ්‍ය අංශ පවසා ඇත. මේ වනවිට ඉන්දියාවේ පැතිරෙන ද්විත්ව මෙන්ම ත්‍රිත්ව කොරෝනා විකෘති ද මහා බ්‍රිතාන්‍යයට පැතිර ගොස් අවසන්ය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom