කොරෝනා අස්සේ මැලේරියා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

කොරෝනා අස්සේ මැලේරියා

කොරෝනා  වසංගතය මැද,  මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදී ද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

මොවුන්ගෙන් තිදෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් සිවුදෙනා විදේශිකයින් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. මෙම සියලු දෙනා අප්‍රිකා රටවල සිට පැමිණි අය බවත්, ඊයේ හඳුනාගත් රෝගියා ලිබියාවේ සිට පා පන්දු තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ ඇති අයකු බවද වෛද්‍යවරයා කීවේය. 

පසුගිය වසරේද මෙරටින් මැලේරියා රෝගීන් 30 දෙනකු හමුවූ බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ලබන 25 වැනිදා ට යෙදෙන ලෝක මැලේරියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (23) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. 

අප්‍රිකා රටවල මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ද මැලේරියා රෝගය පවතින බැවින් එවැනි රටවල සාමසාධක හමුදාවන් ලෙස මෙන්ම දඹදිව ආදී චාරිකාවල නිරතවන්නන් මැලේරියා රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන් ඒ ගැන අවදානයෙන් පසුවිය යුතු බව ද අධ්‍යක්‍ෂවරයා පැහැදිලි කළේය.

මැලේරියා රෝගකාරකය වසරක් පමණ ශරීරය තුළ එය පවතින බැවින් අවදානම් රටවල සිට පැමිණෙන අය උණ රෝගයක් ඇතිවූ විට තමන් එවැනි රටක සංචාරය කළ බවට වෛද්‍යවරයා දැනුවත් කළ යුතු බව ද ඔහු පැවසීය. 

විශේෂයෙන් උතුරු පළාතේ මැලේරියා වාහක ඇනෝපිලිස් මදුරුවා තවමත් ජීවත්වන බැවින් එම පළාතේ ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව කී වෛද්‍යවරයා ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුවත් යළි අවදානමක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom