අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම්

අතුරුදන් වුණු ඉන්දුනීසියා නාවික හමුදා සබ්මැරීනය සොයා පැය 24 පුරා පුල් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දුනීසියාව පවසයි. 

සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ පැය 72 ක කාලයකට පමණක් හෙයින්, සබ්මැරීනය සොයා එහි සිටින 53 දෙනා බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇතැයි ඉන්දුනීසියා නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සබ්මැරීනය අතුරුදන් වූයේ පසුගිය 21 වැනිදාය. 

සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට ඉන්දුනීසියා නාවික හමුදාව ඔවුන් සතු යුද නැව් හයක්, හෙලිකොප්ටරයක් සහ තවත් 400 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබේ. මේ අතර සිංගප්පූරුව සහ මැලේසියාව ඉන්දුනීසියාවට සහාය දක්වමින්, සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් සඳහා එක් වී ඇත්තේ ඔවුන් සතු යුද නැව් ද සමඟය. 

ඊට අමතරව, ඉන්දුනීසියාව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය ද සම්මැරීනය සෙවීමට සහාය පළ කර ඇතැයි වාර්තා වේ. 

‘කේ.ආර්.අයි. නංග්ගලා’ නමැති මෙම සබ්මැරීනය නාවික අභ්‍යාසයක යෙදී සිටිද්දී අතුරුදන් විය. සබ්මැරීනය අතුරුදන් වූයේ බාලි දූපතට උතුරින් කිලෝ මීටර් 100 ක් දුර මුහුදේදීය. අතුරුදන් වුණු ‘කේ.ආර්.අයි. නංග්ගලා’ සබ්මැරීනය ජර්මනියේ නිෂ්පාදිත එකකි. 

මුහුදේ තෙල් කාන්දුවක් දකින්න ලැබුණු බවත්, එය සබ්මැරීනයෙන් නිකුත් වූ තෙල් කාන්දුවක්දැයි සැක කරමින්, ඒ අවට මුහුදේ සෝදිසි කිරීම් දිගටම සිදුවන බව ද පැවැසෙයි. 

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom