යුක්රේනයට නේටෝ හමුදා යැවීමෙන් දේශසීමාවේ අර්බුද උග්‍ර අතට හැරෙනු ඇතැයි රුසියාව අනතුරු අඟවයි.
උතුරු අන්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ හමුදා යුක්රේනයට යැවීමෙන් රුසියානු දේශසීමාවේ අර්බුද උත්සන්න වනු ඇතැයි ද සිය ආරක්ෂාව වැඩි කිරීම සඳහා අමතර පියවර ගැනීමට සිදුවනු ඇතැයි ද රුසියාව ප්‍රකාශ කරයි.
රුසියාව නැගෙනහිර යුක්රේනයට ආසන්න ප්‍රදේශයක හමුදා ස්ථාපිත කර ඇතැයි නේටෝ සංවිධානය ප්‍රකාශ කරන ඒ හේතුවෙන් යුක්රේනයට හමුදා යැවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද එම සංවිධානය කියයි.
එලෙස නේටෝ හමුදා එවීමට පියවර ගතහොත් දැනට පවතින අර්බුද උග්‍ර අතට හැරෙනු ඇතැයි ද ඇතැම් විට යුක්රේනය 'විනාශ' වනු ඇතැයි ද රුසියාව අනතුරු අඟවයි.
මෙසේ මතභේදයට තුඩු දී තිබෙන්නේ යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශය යි.
නැගෙනහිර යුක්රේනයේ හා රුසියානු දේශසීමාව ඇති ප්‍රදේශයේ යුක්රේන රජයේ හමුදා සහ රුසියාවේ සහාය ලබන බෙදුම්වාදීන් අතර ගැටුම් උත්සන්න වී ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රදේශයේ ගැටුම් උග්‍ර අතට හැරී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත.
රොයිටර්