![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisVzv4U9xrVyY04FhEYuQkA7Nx2yUzZclACCMuqik627IatS4V_IKc2t_NN5TXb7omfG04Ob4bn8Tb4owQ7fLxQCfT6IZ3c0fGcl2vkfzPVuoAl0wAbD0WUm5eAeQupoFhfDfzjoX00W2v/s16000/SL+cricketers.jpg)
'කොවිඩ් 19' ආසාදනය වැළැක්වීමට ලබා දෙන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට සැලැසුම් කර තිබුණත් පසුව එය අත්හිටුවා දැමුණි.
එන්නත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දීමට නියමිතව තිබුණේ ඊයේ (12) සහ පෙරේදා (11) දිනවලය.
කෙසේ නමුත් ක්‍රීඩකයන් බොහෝ දෙනකු අවුරුදු 30 ට අඩු බැවින් එන්නත ලබා නොදෙන්න තීරණය කෙරුණි.
සෞඛ්‍ය අමත්‍යාංශ රෙගුලාසිවලට අනුව, මෙරට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දෙන්නේ අවුරුදු 30 ට වැඩි අයට පමණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ද පැහැදිලි කර ඇත්තේ, අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ භාවිතා කර නොමැති බවය.
මේ අතර රුධිර කැටි ඇතිවීම හේතුවෙන් බ්‍රිතාන්‍යය ද ඇතුළු රටවල් රැසක්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත තරුණ තරුණියන්ට ලබා දෙන්නේ නැත.
යුරෝපා රටවල් බොහොමයක් සහ කැනඩාව 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දෙන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට පමණි.