සෞදි රැදවුම් කදවුරුවල සිටි ලාංකිකයින් ගෙන්වා ගැනේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 29, 2021

සෞදි රැදවුම් කදවුරුවල සිටි ලාංකිකයින් ගෙන්වා ගැනේ

සෞදි අරාබියේ රියාද් හී තර්හීල් කඳවුරේ සෞදි බලධාරීන්ගේ රැදවුම් භාරයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 98 දෙනා ගෙන් 70 දෙනෙකු ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම් වශයෙන් දිවයිනට පිටත් කර හැරීමට සෞදි රජය පියවර ගන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

මින් පළමු කණ්ඩායම ලෙස ලාංකික ශ්‍රමිකයින් 25 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් හෙට  (30) දිවයිනට පැමිණීමට නියමිත බවද සෞදියේ වැඩලන තානාපති මධූක වික්‍රමාරච්චි මහතා පැවසීය. 

මෙලෙස කණ්ඩායම් වශයෙන් පැමිණෙන 70 පමණ පිරිසට අමතරව තර්හීල් කඳවුරෙහි රඳවා සිටින ඉතිරි ශ්‍රමිකයින් 28 දෙනොද ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බනධයෙන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වැඩබලන තානාපති මධූක වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කීය. 

මේ අතර රියාද්හි පිහිටි වෙනත් කාන්තා සංත්‍රමණික රැදවුම් කඳවුරක රඳවාගෙන සිටි කාන්තාවන් 15 දෙනෙකුද මැයි මස 03 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන බවද තානාපතවරයා කීය. 

පසුගිය ජූලි මාසයේ සිට මේදක්වා සෞදි අරාබියේ නීතීවරෝධී ලෙස රැදී සිට සෞදි බලධාරීන්ගේ බාරයට පත් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත නැවත එවීමට කටයුතු කර ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

සෞදි අරාබියේ රියාදිහි පිහිටි තර්හීල් කඳවුරෙහි රඳවා සිටින ශ්‍රී ලාංකික ස්ත්‍රීන් 43 දෙනෙකු අත්නෝමතික ලෙස රදවා සිටින බවට සෞදි රජයට චෝදනා කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මීට සති කිහිපයකට පෙර නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom