ජපන් අගමැති ඇමෙරිකාවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 17, 2021

ජපන් අගමැති ඇමෙරිකාවේ

ජපානයේ අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

ජෝ බයිඩන් ඇමෙරිකා‌ එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එරට සංචාරය කළ පළමු විදේශීය නායකයා වන්නේ ජපාන අග්‍රාමාත්‍යවරයාය. 

එපමණක් නොව, ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු යොෂිහිඩේ සුගා විදෙස් සංචාරයක නියැලුණු පළමු අවස්ථාව ද මෙයයි. 

ඇමෙරිකාවත් ජපානයත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් රාජය කායකයන් දෙදෙනා අත‍රේ සාකච්ඡා පැවැත්විණි. 

 වර්ධනය වෙමින් තිබෙන චීන බලපෑමට ප්‍රතිචාර දැක්වීමට ඇමෙරිකාව සූදානම් වෙමින් සිටින අතර චීන බලපෑම මර්දනය කිරීමේ ඇමෙරිකානු උපායමාර්ගයේ ප්‍රධාන කාර්යභාරයක් ජපානයට පැවරී ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා ජපන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. 

චීනයෙන් එල්ල වන බලපෑම සහ ඊට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය. 

චීනයේ හුවායි සමාගමේ 5ජී (5G) තාක්ෂණයට විකල්පයක් ගොඩනැංවීම සඳහා ජපානය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට සූදානම් වෙයි. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකි. 

සාකච්ඡාවලින් පසු ධවල මන්දිර ගෙවත්තේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom