විදෙස්වලින් පැමිණෙන පිරිස් සීමා කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 17, 2021

විදෙස්වලින් පැමිණෙන පිරිස් සීමා කෙරේ

sample-ad-complete-big
1cbf0822192be1be529b8555467fba04
විදේශවල සිට පැමිණෙන පුද්ගලයන් අතරින් කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම ඉහළයෑම හේතුවෙන් ඉදිරියේදී විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් සීමා කිරීමකට හෝ පාලනයකට කිරීමට සිදුවන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 52,710 දෙනාගෙන් 1,593 දෙනකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බවය. 

අප්‍රේල් මාසයේ මේ දක්වා හඳුනාගත් නව ආසාදිතයන් 3,480 දෙනාගෙන් 538 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවද ඔහු පවසයි. 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට ලොව බොහෝ රටවල සංචරණ සීමා දැඩි කිරීමට සහ ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන තිබේ. බංග්ලාදේශය දින 14 ක කාලයක් සදහා ගුවන් ගමන් සියල්ල නවතා දමා ඇතැයි පසුගිය දා වාර්තා විය.

ශ්‍රී ලංකාවේ පවතින සාධනීය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

Classified_Ad