ප්‍රවීන් ජයවික්‍රමගේ වික්‍රමය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 4, 2021

ප්‍රවීන් ජයවික්‍රමගේ වික්‍රමය

sample-ad-complete-big
IMG_1619867334172
දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ටතා දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කරමින් මේ වසරේ පළමු තරගාවලි ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම දෙවැනි ඉනීමේදී ද කඩුළු පහක් දවා ගැනීමට සමත් විය. ඒත් සමඟ ඔහු සිය පළමු ටෙස්ට් තරගයේ දී දවාගත් මුළු කඩුළු සංඛ්‍යාව 11ක් විය. ඒ සඳහා ඔහු ලබා දී තිබුණේ ලකුණු 178ක් පමණි. 

සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුළු 10ක් දවාගත් පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ද ප්‍රවීන් ය. එපමණක් නොවන ඔස්ට්‍රේලියාවේ ජේසන් ක්‍රේසාට පසුව මංගල තරගයේ දී කඩුළු දහයක් දවාගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ප්‍රවීන් ය. 

ඊට අමතරව 1988න් පසුව මංගල තරගයේ දී කඩුළු බැගින් ඉනිම දෙකේ දීම කඩුළු පහ බැගින් දවාගත් පළමු අවස්ථාව ද මෙය විය. මීට පෙර එම දස්කම දක්වා තිබුණේ නරේන්ද්‍ර හිර්වානි ය. 

ජයග්‍රහණයට තවත් ලකුණු 254ක් අවශ්‍යව බංග්ලාදේශ කණ්ඩායම අද පිටියට පිවිසියේ ය. බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසෙන විට කඩුළු පහක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේ ය. 

බංග්ලාදේශ පිතිකරුවන්ට වැඩි වේලාවක් පිටියේ රැඳීමට ඉඩ නොදුන් ප්‍රවීන් ජයවික්‍රම සහ රමිඳු මෙන්ඩිස් ඉතා ඉක්මනින් ඉතිරි කඩුළු දවාගත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරදෙමිනි. 

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණි. 

ICC

Classified_Ad