බිල් ගේට්ස් - මෙලින්ඩා දික්කසාද වෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 4, 2021

බිල් ගේට්ස් - මෙලින්ඩා දික්කසාද වෙනවා

ලෝ සුපතල මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කළ බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ 'ෆෝබ්ස්' සඟරාවට අනුව, ලොව සිවුවැනි කෝටිපතියා ලෙස සැලකෙන්නේ බිල් ගේට්ස්ය. 

මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවා, පරිගණක ලොව පෙරැළියක් කළ දැවැන්තයා ලෙස සැලකෙන්නේ ද බිල් ගේට්ස්. 'අප දෙදෙනා හුඟක් කතාබහ කරලා දික්කසාද වෙන්න තීරණය කළා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි. 

'අප දරු තිදෙනකුගේ ආදරණීය මාපියන්. ලෝකවාසීන්ගේ යහපත වෙනුවෙන් අප දෙදෙනා එක්වී පිහිටවූ පදනමට බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කිරීමට හැකිවුණා. ලෝකය වෙනස් කිරීමට අපට හැකිවුණා. දැන් අප වසර 27 ක විවාහ ජීවිතය අවසන් කරනවා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ. 

65 හැවිරිදි බිල් ගේට්ස් සහ 56 හැවිරිදි මෙලින්ඩා ගේට්ස්, පිහිටුවූ 'බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම' ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් කැපවුණු පුණ්‍යායතනයකි. 

ගෝලීය උණුසුම අවම කිරීම පමණක් නොව කාන්තා අයිතීන් වෙනුවෙන් ද මෙම පදනම පෙනී සිටී. කොරෝනා වයිරස වසංගතයට එරෙහි සටනේ දී, 'බිල් සහ මෙලින්ඩා පදනම' පරිත්‍යාග කළ මුදල ඇමරිකන් ඩොලර් බිලියන 500 කි. මෙලින්ඩා ගේට්ස්, මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිටපු කළමණාකාරවරියයි.

රොයිටර්

Classified_Ad