කොරෝනා නිසා IPL නවතී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 4, 2021

කොරෝනා නිසා IPL නවතී

කණ්ඩායම් තුනක සාමාජිකයන්ට නව කොරෝනා වයිරස ආසාදනය වීමත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්හැර දැමීමට එහි සංවිධායකයන් තීරණය කර ඇත.

පසුගිය දින කිහිපයේදී ක්‍රීඩකයන් ද ඇතුළුව අයි.පී.එල්. හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින කණ්ඩායම්වල සාමාජිකයන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් තරගාවලිය මෙලෙස අත්හැර දැමීමට එහි සංවිධායකයන් පියවර ගෙන ඇත.

සියලු කණ්ඩායම් සහ පාර්ශව සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්)හි සභාපති බ්‍රිජේෂ් පටෙල් පැවැසීය.

රොයිටර්

Classified_Ad