දෙවැනි ස්ථානය දිනූ අපණ්ණක - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 3, 2021

දෙවැනි ස්ථානය දිනූ අපණ්ණක

රුසියාවේ පැවැති ‘2021 මිස් සැෆායර් වර්ල්ඩ්’ රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට, ශ්‍රී ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වූවාය. 

අපණ්ණක කුලියාපිටිය, උසස් අධ්‍යාපනය හදාරමින් රුසියාවේ පිටර්ස්බර්ග්හි දිවිගෙවන යුවතියක වන අතර, වෘත්තියෙන් ඇය ගුරුවරියකි. 

‘මිස් සැෆායර් වර්ල්ඩ්’ රුසියාවේ පමණක් නොවෙයි, ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල ද වාර්ෂිකව පවත්වනු ලබයි. 

2021 වසර සඳහා එය පැවැත්වූයේ රුසියානු කලාපයේ එනම් යුක්‍රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් සුරූපිනියන් සහභාගී කරවා ගනිමිනි. පසුගිය වසරේ නොවැම්බරයේ ආරම්භ වුණු මෙම තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරීමට, අපණ්ණක සමත් වූවාය.

තරගාවලියේ අවසන් වටය සඳහා තෝරා ගත් තරගකාරීන් අතර කළු සමක් සහිත තරගකාරියක වූයේ අපණ්ණක පමණක් වීම ද විශේෂත්වයකි. ‘2021 මිස් සැෆායර් වර්ල්ඩ්’ තරගාවලියේ ජයග්‍රාහිකාව තේරීමේ අවසන් තරගය පසුගිය පැවැත් වූයේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය. 
එහිදී ප්‍රථම ස්ථානය රුසියානු ජාතික තරගකාරිය ෆයානා ට හිමිවිය. 

‘මේ තරගාවලියේ ස්ථානයක් ලැබේවි මා සිතුවේ නැහැ. තරඟයට සහභාගී වූ සෑම යුවතියක්ම රුසියානු බස කතා කළා. මට එය බැහැ. ඒ නිසා මට ඉංග්‍රීසියෙන් කතා කරන්න විශේෂ අවසරයක් සංවිධායකයෝ ලබා දුන්නා. හැමදේටම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා’ යැයි ජයග්‍රහණයෙන් අනතුරුව රුසියාවේ සිට අදහස් දැක්වූ අපණ්ණක පැවැසුවාය. 

වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අපණ්ණක මෙසේ ද කීවාය.

"ලංකාවේදී මට අනන්ත ප්‍රශ්න තිබුණා. හිත් රිදීම් බොහොමයි. මගේ සම අඳුරු වැඩියි. බොහෝ දෙනා මට කීවේ සම සුදු කර ගන්න බලන්න කියලයි. ඒත් මා කැමති වුණේ නැහැ. මගේ ස්වභාවික අඳුරු පෙනුමට මා කැමතියි. එයයි මගේ අනන්‍යතාව. මේ තරගාවලියට මා තෝරා ගැණුනේ මගේ පැහැය සුවිශේෂී නිසයි. පෙනුම වෙනස් කර ගනිමින් ජයග්‍රහණයක් ලබන්න මාගේ කැමැත්තක් නැහැ.' 

රුසියන් මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom