ජය සමරන්නේ කල්පනාවෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 3, 2021

ජය සමරන්නේ කල්පනාවෙන්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස වසංගතය සැලකිල්ලට ගනිමින්, ලැබූ ජය සාමකාමීව සමරන්නැයි තමිල්නාඩු මැතිවරණය ජයග්‍රණය කළ 'ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' හෙවත් ඩී.එම්.කේ. පක්ෂ නායක එම්.කේ. ස්ටාලිං සිය ආධාරකරුවන් අමතමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. 

තමිල්නාඩු විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කළ 'ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' පක්ෂය මෙසේ යළි බලයට පත් වූයේ වසර 10 කට පසුවය. 

ඩී.එම්.කේ. යනු හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගේ පක්ෂය වන අතර, පක්ෂය මෙහෙයවන එම්.කේ. ස්ටාලිං කරුණානිධිගේ වැඩිමල් පුත්‍රයාය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ද ඩී.එම්.කේ. පක්ෂයට සහාය දක්වමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය. 

ඊට අමතරව තමිල්නාඩු කොමියුනිස්ට් පක්ෂ කීපයතක් මෙන්ම මුස්ලිම් දේශපාලන පක්ෂ කීපයක් ද ඩී.එම්.කේ. පක්ෂයට සහාය දැක්වීය. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ ජය සැමැරීමෙන් වළකින්නැයි ඉන්දීය මැතිවරණ කොමිසම එරට දේශපාලන පක්ෂවලට කල් තියා දැනුම් දී තිබුණි. 

ඉන්දීය සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ මැතිවරණය වෙනුවෙනක් පැවැති මහා ජන රැලි ද එරට කොරෝනා ව්‍යාප්තිය ඉහවහා යෑමට එක් හේතුවක් බවය. තමිල්නාඩුවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියනය පසු කර තිබේ. මරණ වාර්තා වන්නේ 14,193 ක් ලෙසය.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom