චීනය සමඟ යහපත් සබඳතා පහසු නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 3, 2021

චීනය සමඟ යහපත් සබඳතා පහසු නෑ

චීනය සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යෑම පහසු කටයුත්තක් නොවන බවත්, එය බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි. 

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවේ, එරට ඕක්ලන්ඩ් නුවර චීන ව්‍යාපාරික සමුළුව අමතමිනි.

'නවසීලන්තයත් චීනයත් අතර යහපත් සබඳතා පවතිනවා. චීනය අද ලොව බලවත් ආර්ථිකයකට හිමිකම් කියන රටක්. ඒත් චීනයේ සමහර තීන්දු තීරණ සම්බන්ධයෙන් අපට චීනය සමඟ එකඟ වෙන්න අමාරුයි. එවැනි අවස්ථාවලදී චීනය විරෝධය පළ කරන්නත් අප පසුබට වෙන්නේ නැහැ' යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය. නවසීලන්තයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා ද චීනයයි. 

මේ අතර, චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව පෙන්වා දෙමින් මේ වනවිට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව 'ෆයිව් අයිස්' යන නමින් බුද්ධි අංශ එකමුතුවක් පවා ස්ථාපිත කර තිබේ. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත්තේ, යහපත් අරමුණින් චීනය ගන්නා තීන්දු තීරණ සෑම එකකටම ඇමෙරිකාව සහාය ලබා දෙන නමුත්, චීනය සෙසු රටවල්වලට 'මැරකම්' කරන්නේ නම් හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම් හෝ චීනයට විරෝධය පළ කරන බවත්ය. 

මේ වනවිට නවසීලන්තයේ අසල්වැසියා වන ඕස්ට්‍රේලියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදයක් පවතී. ඊට මුල් වූයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී චීනය ඒ බව ලොවෙන් වසං කළේ යැයි ඕස්ට්‍රේලියා රජය චෝදනා කළ බැවිනි. 

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom