මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය අලුත් තැනකට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 18, 2021

මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය අලුත් තැනකට

ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය. 

මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා හා කතෝලික පියතුමා කළ දේව මෙහෙයකින් අනතුරුව වැඩබලන කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මහජන අයිතියට පත් කළාය. 

 එම උත්සවය අමතමින් කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මෙසේ කීවාය.

"බ්‍රෙෂියා,වෙරෝනා,පාදොවා, ජෙනෝවා හා අනෙකුත් දුරබැහැර සිට මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයට තම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ලාංකිකයන්ට මිලානෝ නගරයට ඇතුලු විම සදහා ටැක්ස් මුදලක් ගෙවීමට සිදු වුණා. වාහන ගාල් කිරීමෙහිදී විවිධ දඩ මුදල් වලට යටත් විමට සිදුවුණා. කලින් පිහිටා තිබු ස්ථානයේ සිමිත ඉඩ පහසුකම් තිබිම නිසා නොයකුත් අපහසුතාවයට මුහුණ දීමට සිදු වුණා නව පරිශ්‍රයෙන් එම ප්‍රශ්න යම්තාක් දුරට එම ගැටළු විසදා ගත හැකි වෙනවා."

 කොරොනා ව්‍යසනය හමුවේ ඉතාලියේ සෞඛ්‍ය නීති පිළිපදිමින් සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් පමණක් සිදුකරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි. 

මෙම උත්සවය සඳහා ආගමික කටයුතු මහගම විපුලසිරි හිමියන්ද බඩල්කුඹුරේ ධම්මසිරි හිමියන්ද මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ වැවබැද්දේ සුනීත හිමියන්ද මහමෙව්නා භාවනා අසපුවේ කෝලංගමුවේ අමිත් සුමන හිමියන්ද විසින් සිදුකළ අතර මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ප්‍රිරිංකි රෝසන් පියතුමෝ කතෝලික දේවමෙහෙය සිදු කළහ. 

සියලු සේවාවන https://booking.appointy.com/cgadmin/about ඔන්ලයින් ක්‍රමය යටතේ කාළය වෙන්කර ගැනීම මගින් දෛනික කොන්සියුලර් සිදුකරනු ඇත.

෴ ෂමින් පණ්ඩිතරත්න  
     මිලානෝ නගරයේ සිට

Classified_Ad

Classified_Ad_News_Bottom