පැරීසිය රණවිරුවන් සමරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 18, 2021

පැරීසිය රණවිරුවන් සමරයි

පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ සංවිධානය විසින් සෑම වසරකම පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයේ 2021 වසරේ රණවිරුවන් සැමරීමේ රණවිරු කෘත ගුණ ප්‍රදීප පුජා උත්සවය මෙවර ප්‍රංශයේ දේශ හිතෛෂී සංවිධානයේ මූලිකත්වයෙන් ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති මහාචාර්ය ක්ෂානිකා හිම්ඹුරේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියඳා පැරීසියේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වුයේය. 
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමිවරුන් විසින් යුද්ධයේදි මියගිය රණවිරුවන් ඇතුලු සියලු දෙනා සිහිපත් කොට පින් අනුමෝදනා සිදු කරන ලදී. 
අනතුරුව තානාපති තුමියගේ දේශනයක්ද පැවැත් වුයේය. කොවිඩ් වසංගතයේ අවදාානම හමුවේ පවතින දැඩි නිතීරීති මධ්‍යයේ පැරීසියේ බොහෝමයක් දේශපාලන හා සමාජ ක්‍රියාකාරී සංවිධාන වල ප්‍රධාන නිලධාරීන් හා තානාපති කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරී මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වුයෝය. 
෴ සුනිල් ආනන්ද 
      පැරීසියේ සිට

Classified_Ad