ලංකාවෙන් පැමිණෙන අයට දොර වැසේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 12, 2021

ලංකාවෙන් පැමිණෙන අයට දොර වැසේ

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන කිසිදු ගුවන් මගියකුට කුවේට්, ඉතාලිය, මාලදිවයින සහ සිංගප්පුරුව යන ගමනාන්ත වෙත යෑමට තාවකාලිකව අවසර නොලැබෙන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

එම තීරණය මැයි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන බව ද ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසා ඇත. "ලංකාවෙන් මගීන් රැගෙන එන්න එපා යැයි අදාළ ගුවන් සේවයන් වලට දන්වා තියෙනවා.' යැයි ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති, රජීව් සුරියආරච්චි මහතා ද පැහැදිලි කර තිබේ.

මීට අමතරව, පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක  මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට අද ( 12) සිට සිය  රටට ඇතුළු වීම තහනම් කිරීමට ඒක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය  ද තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය  යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. එම රටවල් වල සීඝ්‍රයෙන්  පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු  ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට සිට එමීරය වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

අධික ලෙස බෝවන ඉන්දියානු ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය මාසයේ ඉන්දියාවේ සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කළේය.

ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් හතරෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවන අයෙක් වේ නම් අවම වශයෙන් දින 14 කට පෙර ඔවුන් වෙනත් රටක සිට නිරෝධායනය විය යුතු බවද ඒරට රජය කියා සිටී.

එසේ වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය සහ ශ්‍රී ලංකාව වෙත ගුවනින් මගීන් ගෙන ඒමට අඛණ්ඩව සිදු කෙරෙන බව එමීරයේ ජාතික හදිසි අර්බුද හා ආපදා කළමනාකරණ අධිකාරිය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom