චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ

පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.

පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට යැයි චීන අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.

2022 වසරේ දී සම්පූර්ණ කිරීමේ අරමුණින්, චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටී.

ඊට අවශ්‍ය කොටස් උඩු ගුවනයට ගෙන යෑම සිදුවන්නේ චීනයේ ලෝන්ග් මාච් රොකට්ටුවෙනි. 

රොකට්ටුව ඉහළට යද්දී එහි කොටස් එකිනෙක පහළ සාගරයට යැවීම සිදුවන නමුත්, එක් කොටසක් පාලනයෙන් ගිලිහී ගොස් පෘථිවි කක්ෂයේ රැදී තිබුණි. කඩා වැටුණේ මෙම කොටසය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom