
රුසියාවේ ස්පුට්නික් 5 කොවිඩ් -19 එන්නත මාත්‍රා 15,000 ක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
අද (3) රාත්‍රියේ මෙරටට හිමිවනු ඇත්තේ ස්පුට්නික් 5 පළමු එන්නත් තොගය යැයි ද මහාචාර්ය ජයසුමන මහතා පැහැදිලි කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නැති නමුත් රටවල් බොහොමයක් ස්පුට්නික් 5 එන්නත භාවිතයට ගනී. පසුගිය පළමු වැනිදා ඉන්දියවට ද ස්පුට්නික් 5 එන්නත් තොග ලැබුණි.
මෙරට එන්නත්කරණ වැඩසටහන ඇරැඹුණේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත යොදා ගනිමිනි.
ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් ඉන්දියානුවන්ට ලබා දීමේ අවශ්‍යතාව මතුවී ඇති බැවින් ඒවා අපනයනය තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
රුසියාවෙන් 'ස්පුට්නික් 5' එන්නත මිලදී ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වූයේ ඒ අනුවය.
මේ අතර කොරෝනා එන්නත් එක මාත්‍රාවක් ලබා ගෙන ඇති නම්, මාස තුනක් යන තෙක් රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැහැදිලි කර තිබේ.
පළමු මාත්‍රාව ලබා ගෙන ඇති නම්, යම් විදිහකින් හෝ රෝගය වැළඳුණත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව සැලසෙන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කළාය.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව නිර්දේශිත කාලයේදී ලබාදීම ඉතා වැදගත් බවද ඇය කීවාය.
පළමු මාත්‍රාව ගත් වයස 30-40 අයට ප්‍රතිශක්තිය ගොඩ නැගුණත් වයස්ගත පිරිස්වලට එවැනි ප්‍රතිශක්තියක් සැලකිය යුතු ආකාරයෙන් ගොඩ නැගී නොමැති බව පෙනී යන්නේ යයි නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.