බයිඩන් සතුට පළ කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 21, 2021

බයිඩන් සතුට පළ කරයි

ඊශ්‍රායලයත් ගාසා තීරයේ හමාස් සංවිධානයත් සටන් විරාමයකට යෑමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය ප්‍රසාදය පළ කර තිබේ. 

ප්‍රසාදය පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඊශ්‍රායලයට ඕනෑම අවස්ථාවක, ගාසා තීරයේ ත්‍රස්තවාදී හමාස් සංවිධානය එල්ල කරන රොකට් ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අයිතියක් ඇති බවය. 

එමෙහන්ම, ඊශ්‍රායලය සමඟ සිදු කරන අවි ගනුදෙනු දිගටම සිදුවනු ඇති බවත්, ඇමෙරිකන් හමුදාවේ සහාය නොඅඩුව ඊශ්‍රායලයට හිමිවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. 

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනි. කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ජනපති බයිඩන් යළිත් වරක් සිය කනස්සල්ල පළ කළේය. 

ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් වෙනුවෙන් තමන් තම කනගාටුව පළ කරන බව ද ජෝ බයිඩන් පැවැසීය. 

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වූ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සමඟ ද බයිඩන් දුරකතන කතාබහක නියැලුණු බව ධවල මන්දිර වාර්තා පෙන්වා දෙයි. 

එම අවස්ථාවේදී, සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයත් පලස්තීනයත් කැමැති කරවා ගැනීම පිළිබඳව බයිඩන් ඊජිප්තු ජනාධිපතිවරයාට ස්තුති කිරීමට ද අමතක නොකළ බව පැවැසෙයි. 

එපමණක් නොව, පලස්තීන පාලන අධිකාරිය නියෝජනය කරන පලස්තීන ජනාධිපතිවරයා ද වන මොහොමද් අබ්බාස් සමඟ ද බයිඩන් සාකච්ඡා පවත්වා ඇත. 

හමාස් සංවිධානය සමඟ අපගේ කිසිදු ගනුදෙනුවක් නොමැති නමුත්, පලස්තීන පාලන අධිකාරියට දිගටම ඇමෙරිකාවේ සහාය මහ අනුග්‍රහය ලබා දෙන බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමට තම පාලන අධිකාරිය කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පලස්තීන ජනාධිපති අබ්බාස්ට පැවැසූ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom