ලෙබනනයෙන් සිරියාවෙන් ආධාර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 3, 2021

ලෙබනනයෙන් සිරියාවෙන් ආධාර

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ලෙබනනය සහ සිරියාව සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, හිතවතුන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවට ඔප්ටිමල් ඇඟිලිතුඩු ස්පන්දන ඔක්සිමීටර 60ක් විදේශ අමාත්‍යංශය හරහා පරිත්‍යාග කරනු ලැබ ඇත. 

මෙම යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී. මෙවර වෙසක් පොහෝදින වැඩසටහනේ කොටසක් ලෙස මෙම පරිත්‍යාග පිරිනමා ඇත.

ලෙබනනයේ සහ සිරියාවේ තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න, එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, නිර්වේතනික කොන්සල් ආචාර්ය මොහමඩ් මූසලාම් අල් ඩ්‍රෝබි, ඩුරේ සම්මන් අල් ඩ්‍රෝබි, ව්‍යවසායක මල්කාන්ති සිල්වා සහ රත්නදීප ජාත්‍යන්තර සංක්‍රමණික සංගමයේ සභාපති කුසුම් කොඩිකාරයන මහත්ම මහත්මීහු ඇතුළ පිරිස මෙම ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් පරිත්‍යාග කිරීම සඳහා එක්වූහ.

෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad