ඉන්දීය යෝග ගුරුට වෛද්‍යවරුන්ගේ විරෝධය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 2, 2021

ඉන්දීය යෝග ගුරුට වෛද්‍යවරුන්ගේ විරෝධය

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය සුවපත් කිරීමට හැකි බවත් පවසන ඉන්දීය යෝග ගුරු බාබා රාම්දේව්ට ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ. 

බාබා රාම්දේව් යනු ඉන්දියාවේ පිළිගත් යෝග ගුරුවරයෙකි. ඔහු ඉන්දියාවේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන සමාගමක සම හිමිකරුවකු ද වෙයි. බාබා රාම්දේව් මැදිහත් වී, කොරෝනා සුවපත් කරන දේශීය ඖෂධ රැසක් ද හඳුන්වා දී ඇති තැනැත්තෙකි.

බටහිර වෛද්‍ය විද්‍යාව අපහාසයට ලක් කරමින්, බාබා රාම්දේව් පසුගිය දා කියා සිටියේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මියයන්නේ බටහිර වෛද්‍යවරුන්ගේ අසාර්ථක ප්‍රතිකාර නිසා බවය. 

මෙම ප්‍රකාශයෙන් පසු බාබා රාම්දේව්ට එරෙහි වෛද්‍යවරුන්ගේ විරෝධය වැඩි වී ඇති බවත්, බාබා රාම්දේව් වහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ඉන්දීය වෛද්‍යවරුන් විරෝධතා පවත්වන බවත් එරට පුවත් සේවා පෙන්වා දෙයි. 

තවමත් ලොව දෙවැනියට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වුවත්, මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom