රුසියන් ජනපති පුටින් ප්‍රබල ප්‍රතිවාදියෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 15, 2021

රුසියන් ජනපති පුටින් ප්‍රබල ප්‍රතිවාදියෙක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් ප්‍රබල මෙන්ම ශක්තිමත් නායකයකු බවත්, ඔහු හොඳ ප්‍රතිවාදියකු බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති 'නේටෝ' සමුළුව අතරතුරේදීය. 

හෙට (16) දිනයේ ඇමෙරිකා ජනාධිපතිවරයා සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට නියමිතය. එම හමුව පැවැත්වෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි. 

බයිඩන්, ඔබාමා පරිපාලන කාලයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. උප ජනාධිපති ලෙස බයිඩන් සඑ පුටින් අතර මුහුණට මුහුණ හමුවීම් සිදුවිය.

'මා රුසියාව සමඟ ගැටුම් ඇති කර ගන්නේ නැහැ. නමුත් රුසියාව ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වමින්, කිසියම් රටක්, පුද්ගලයන් පිරිසක් හෝ පුද්ගලයකුට පීඩනයට ලක් කරනවා නම්, කෙණෙහිලිකම් කරනවා නම්, මට බැහැ පැත්තකට වී බලා සිටින්න' යැයි නේටෝ සමුළුවේදී බයිඩන් අවධාරණය කළේය. 

මේ අතර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියාවත් ඇමෙරිකාවත් අතර සබඳතා ඉතාමත් පහළට වැටී ඇති බවත්, එම සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට තමන් සූදානම් බවත් පුටින් පවසා තිබේ.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom