ඕමානයට ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 15, 2021

ඕමානයට ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන

ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසැල් දාමයට ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කීරිමෙන් පසු කෙටි කාලයක් තුල එම භාණ්ඩ සීඝ්‍රයෙන් අලෙවි වන බව එම සමාගම නිවේදනය කර ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් යුතුව මෑතක දී ස්පාර් ඕමාන් ආයතනය වෙත අපනයනය කරන ලද ශ්‍රී ලාංකික භාණ්ඩවලින් හතරෙන් තුනක්ම දින පහළොවක් ගතවන විට විකුණා අවසන් කර ඇති බව ස්පාර් ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

මෙම වැඩසටහන යටතේ ස්පාර් ඕමාන් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන 78 ක් එකතු කර ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ. සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ:

“ස්පාර් ඕමාන් ආයතනය විසින් මෑතක දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන 78 ක් මස්කට් අගනුවර පිහිටි අසල්වැසි වෙළඳසැල් 24 ක් වෙත එක් කර තිබේ. කොවිඩ්-19 රෙගුලාසි මගින් සංචාරක අවස්ථා සීමා කර ඇති හෙයින්, දේශීය හා ජාත්‍යන්තර වැසියන්ගෙන් සමන්විත ස්පාර් ඕමාන් ආයතනයේ ගනුදෙනුකරුවන්, මෙම පුළුල් කරන ලද ජාත්‍යන්තර භාණ්ඩ පරාසය පිළිගෙන තිබේ. පසුගිය වසර කිහිපය තුළ දී, ස්පාර් ඕමාන් ආයතනය විසින් ශ්‍රී ලංකාවෙන් නිතිපතා නැවුම් පළතුරු හා එළවළු මිලදී ගෙන ඇති අතර, ඒවා සාප්පු හිමියන් අතර ජනප්‍රිය වී තිබේ.

මෙම සාර්ථකත්වය මත පදනම්ව, සැකසූ සිල්ලර භාණ්ඩ වැඩි ප්‍රමාණයක් එක් කොට භාණ්ඩ පරාසය පුළුල් කිරීමට සමාගම තීරණය කළේය. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් පවත්වන ලද ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීම සඳහා ලද ආරාධනයක් මඟින් ශ්‍රී ලංකා සමාගම් සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලදි. 

මෙම සිදුවීම, ශ්‍රී ලංකාවේ ස්පාර් ඕමාන් ආයතනය සහ ශ්‍රී ලංකාවේ ස්පාර් සමාගමේ ක්‍රියාකරු වන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් අතර සමීප සහයෝගීතාවයක් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්පාර් ඕමාන් ආයතනය ඇමරිකානු ඩොලර් 10,000 ක් වටිනා නිෂ්පාදන ඇණවුමක් ලබා දුන්නේය. මෙම හඳුන්වා දීම මැයි 11 වැනි දින තානාපතිවරයා සහ ස්පාර් ඕමාන් හි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීධර් මූසපෙටා මහතා විසින් මෙහෙයවන ලද ස්පාර් මදීනාත් කබූස් හි දී පැවති උත්සවයක දී සමරනු ලැබීය. දින පහළොවක් ගතවන විට භාණ්ඩවලින් හතරෙන් තුනක් විකුණා ඇති අතර, එමඟින් මෙම වැඩසටහන සඳහා ඇති ඉල්ලුම හා සාර්ථකත්වය ඉස්මතු කරයි.” 

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසැල් දාමයට ශ්‍රී ලංකා ආ‍හාර නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කළ අතර, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සහ ස්පාර් ඕමාන් හි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීධර් මූසපෙටා මහතා විසින් මෑතක දී ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහාවිශේෂ වෙළඳ කුටියක් මස්කට් හි MSQ SPAR අලෙවිසැලේ දී විවෘත කරන ලදි.

Classified_Ad

Classified_Ad_News_Bottom