සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 6, 2021

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් එයි

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (6) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි. 

ඒ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය යැයි ද පැවැසෙයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ, රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය අද (6) දිනයේ ලැබුණු බවය. 

මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් ලැබුණි. ඒ, චීන රජයේ පරිත්‍යාගයක් ලෙසය.

Classified_Ad

Classified_Ad_News_Bottom