එංගලන්ත කණ්ඩායම ජය ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

එංගලන්ත කණ්ඩායම ජය ගනී

එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කාඩීෆ් නුවර පැවැති පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්, එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් හිමිකර ගත්හ.

දක්ෂ පිතිහරඹයක යෙදුණු ජොස් බට්ලර් පන්දු 55 කදී නොදැවී ලකුණු 68 ක් ලබාගනිමින් තරගයේ වීරයා බවට පත් විය. 

පහසු ඉලක්කයක් වූවත් ජයග්‍රහණය සොයා ඉක්මන් ගමනක යෙදී සිටි එංගලන්තය පන්දු වාර 5 ක් අවසානයේදී ලකුණු 50 ක් ලබා සිටියේය. 

ඉතිරි ලකුණු 80 ලබාගැනීමට පන්දු 90 ක් (පන්දු වාර 15 ක්ම) ඉතිරිව තිබුණ ද පන්දු වාර 2.5 ක් ඉතිරිව තිබියදීම අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්තේය.

ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom