ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය නවසීලන්තයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 24, 2021

ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය නවසීලන්තයට

ලොව පළමු "ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය" ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, අවසන් තරඟයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ඔවුන්ගේ ඉලක්කය සම්පූර්ණ කළේය.

ඉන්දියාව සහ නවසීලන්තය අතර එම තරඟය එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී පැවැවිනි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 249කි. 

විටින් විට වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා ඇතිවූ බැවින් 6 වැනි දිනටත් ඊයේ (23) දින මෙම අවසන් තරඟය පැවැත්වුණි. 

තරඟයේ අවසන් දිනය වූ අද තරඟය ඇරඹෙන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 64කි. කෙසේ නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළ ලකුණු ගණන 170කි.

ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom