මලාලා Vouge කවරය හැඩ කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 4, 2021

මලාලා Vouge කවරය හැඩ කරයි

පාකිස්තනයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනියක මෙන්ම නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන මලාලා යූසොෆ්සායිගේ රුවෙන් බ්‍රිතාන්‍ය වෝග් සඟරාව හැඩ ගැන්වී ඇත. 

මලාලා පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිව සිටිද්දී, බාලිකා අධයාපනය වෙනුවෙන් හඬ නැගුවේය. ඒ අනුව ඇය තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ උදහසට ලක්වූවාය. ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවේ BBC උර්දු ගුවන් විදුලි නාළිකාව හරහාය. මලාලාට සහාය දැක්වූයේ ගුරුවරයකු වූ ඇගේ පියාය. 

අවසානයේ, 2012 වසරේ දී තලේබාන් ත්‍රස්තවාදියකු පාසල් වෑන් රියේ සිටි 15 හැවිරිදි මලාලා සොයා විත් ඇගේ හිසට වෙඩි තැබීමය. බරපතල ලෙස තුවාල ලැබූ මලාලා ඇගේ පවුලේ අය සමඟ මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීම සිදුවූයේ එවකට බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ඩේවිඩ් කැමරන්ගේ මැදිහත් වීමෙනි. 

මලාලාට මව සහ පියාට අමතරව බාල සොහොයුරෙක් සිටී. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා, ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිණියක ද වන මලාලා අද 23 හැවිරිදි තරුණියකි. 

'තමන්ටම කියා අරමුණක්, දැක්මක්, පැහැදිලි අදහසක් ඇති තරුණියක' යැයි වෝග් සඟරාව මලාලා හඳුන්වා දී තිබේ.  මලාලා, ඇය වෝග් සඟරාව හැඩ කරමින්, ඡායාරූප කීපයකට පෙනී සිටි අතර, සඟරාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ද ලබා දුන්නාය.

 ''මා සිටින මේ කවරය දකින හැම ගෑනු ළමයෙක් ම, ලෝකය වෙනස්කරන්න තමන්ට පුලුවන් බව වටහාගනීවි යැයි මා සිතනවා තව අවුරුදු 10කින් මම මාව කොහොම දකීවිද? හැම රාත්‍රියකදි ම මා මගෙන්ම අහන ප්‍රශ්නෙ එයයි. ඇඳේ පැය ගාණක් වැතිරිලා මා හිතනවා, කල්පනා කරනවා, ඊළගට මොකක්ද කරන්නෙ. මා ඊළගට ජීවත්වෙන්නෙ කොහෙද? මා දිගටම බ්‍රිතාන්‍යයේ ඉන්නවද? නැත්නම් ආයෙ පාකිස්තානයට යනවද? වෙන රටකට යනවද? ඉදිරියේදී මා කා එක්කද ජීවත්වෙන්නෙ? ස්වෝත්සාහයෙන් ස්වාධීන ජීවිතයක් ගතකරනවද? මාපියන් සමඟ ජීවත් වෙනවද? ඔබ ජීවත්වෙන සංස්කෘතිය ඇතුළෙ ම ඔබට ම, කියල වෙනම අනන්‍යතාවක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන්. පරිගණකයේ හරි දුරකතනයේ හරි ස්ක්‍රීන් එකෙන් සිතියමක් දිහා බලාගෙන ඉන්න පුරුද්දක් මට තියෙනවා. එහෙම බලන ගමන් පකිස්තානයට ගොඩ බහින ගුවන්යානයක් මම හිතෙන් මවාගන්නවා'' යැයි මලාලා වෝග් සඟරාවට පවසා ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom