ශ්‍රී ලංකාවටත් එන්නත් දෙනවා - බයිඩන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 4, 2021

ශ්‍රී ලංකාවටත් එන්නත් දෙනවා - බයිඩන්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17 කට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන අන්දමට අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ සෙසු රටවලට ලබා දීමට තීරණය කර ඇත. 

ෆයිසර් බයෝඇන්ටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60 ක් එලෙස බෙදා දීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත. 

ඇස්ට්‍රාසෙනකා ඇමෙරිකාවේ නිපදවන නමුත්, ඇමෙරිකානුවන්ට එය ලබා දෙන්නේ නැත. ඒ රුධිර කැටි ගැසීම් සිදුවන බැවිනි. ඇමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කළ බවත්, මරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පවසා තිබේ. 

ඇමෙරිකාව එන්නත් ලොවට බෙදා දීම සිදු කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහාය. එන්නත් බෙදාහැරීමේ පළමු කොටස යටතේ ආසියාව, ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය සහ අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 25 ක් බෙදාහැරීමට නියමිත ය. 

එයින් එන්නත් මාත්‍රා මිලියන හතක් ලැබෙන්නේ ආසියානු කලාපයට ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව් ගිනියාව, තායිවානය, සහ ශාන්තිකර දූපත් එම රටවල් අතරට ඇතුළත් ය.

මෙම ජූනි මාසය අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන 80 ලොවපුරා බෙදාහැරීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර ඇති බවත් එය කඩිනමින් සිදුවනු ඇති බවත් ධවල මන්දිර නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

ඇමෙරිකාව අනවශ්‍ය ආකාරයෙන් 'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ගබඩා කර තබා ගන්නා බවට බයිඩන් පරිපාලනයට, පසුගිය දිනවල විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වීමට පටන් ගත්තේය. එන්නත් සෙසු රටවල් සමඟ බෙදා ගැනීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇත්තේ ඒ නිසාය.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom