ලෙබනනයෙන් සිරියාවෙන් වෛද්‍ය උපකරණ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 28, 2021

ලෙබනනයෙන් සිරියාවෙන් වෛද්‍ය උපකරණ

දොම්පේ දිස්ත්‍රික් රෝහලට අනුබද්ධිතව අලුතින් පිහිටුවන ලද ඇඳන් 300 කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍යව තිබූ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ලෙබනනය හා සිරියාවෙන් මෙරටට ලබාදුන් බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි. 

නෙබියුලයිසර්, අධෝරක්ත කිරණ ශරීර උෂ්ණත්වමාන, සනීපාරක්ෂක නැනෝ ස්ප්‍රේ උපකරණ, වානේ ගෘහ භාණ්ඩ, මෙට්ට සහ විකල්ප මදුරු දැල් ආදි වෛද්‍ය උපකරණ හා සනීපාරක්ෂක ආම්පන්න මෙම පරිත්‍යාගයට ඇතුලත්ය. 

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි ශිරන්ති බියට්‍රිස් දිසානායක මහත්මිය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කරන ලද ඉල්ලීම අනුව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය, දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්ෂ්මිධරන් මහතා සහ කාර්ය මණ්ඩලය, සිරියාවේ කොන්සල් වෛද්‍ය මොහොමඩ් මුසාලම් අල් ඩෲබි මහතා, රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපයේ සභාපතිනි කුසුම් කොඩිකාර මහත්මිය සහ ව්‍යවසායිකාවක් වන මල්කාන්ති සිල්වා මහත්මිය යන අයගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දී ඇත. 

මෙම පරිත්‍යාගය සිදුකිරීමේදී ඒ සඳහා වූ පහසුකම් විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) එච්.ඒ.එස්. ප්‍රනාන්දු මහතා විසින් සම්පාදනය කරන ලදි. මීට පෙර, මෙම පරිත්‍යාගශීලීන් විසින් එම රෝහලට ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර ද පරිත්‍යාග කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom