ඇස්ට්‍රාසෙනකා ලැබෙන්නේ නැති හැඩයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

ඇස්ට්‍රාසෙනකා ලැබෙන්නේ නැති හැඩයි

අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ දකුණු කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. 

ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සීරම් සමාගමෙන් අස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්) එන්නත්  ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි කී ජයසුමන මහතා ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද පැවැසීය.

මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය. 

Classified_Ad

Classified_Ad_News_Bottom