පාකිස්තානයත් එන්නතක් හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 2, 2021

පාකිස්තානයත් එන්නතක් හදලා

චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, 'PakVac' යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය.

PakVac එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. එන්නත් නිපදවීම සිදුවන්නේ ද පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය යටතේය. 

'කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය අපට සහාය දක්වනවා. එන්නත නිපදවීමේ දී චීනය අපට සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නා. එසේ වුවත් එය පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් අපේ විද්‍යාඥයන් සියලු අභියෝග ජය ගනිමින් එන්නත නිපදවීම කළා' යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. 

ඉදිරියේ දී PakVac එන්නත සායනික පර්යේෂණවලට යොමු කරන අතරතුරේ මහා පරිමාණයෙන් නිපදවීමට ද කටයුතු යොදන බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. 

පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටකි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 1,771 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 9,22,824 ක් තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය. 

පාකිස්තානයේ එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ වී ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු එරට වැසියන් බොහොමයකට ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' එන්නතය. 

චීනය පාකිස්තානයට 'සයිනෝෆාම්' එන්නත් නොමිලේ ලබා දී තිබේ. පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට පාකිස්තානයේ මිලියන 5.3 කට එන්නත් ලබා දී ඇත. එයින් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති පිරිස මිලියන දෙකකි. 

හින්දුස්ථානී ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom