චීන 'සිනොවැක්' එන්නතටත් අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jun 2, 2021

චීන 'සිනොවැක්' එන්නතටත් අනුමැතිය

චීනයේ ‍සිනොවැක් සමාගම නිපදවා ඇති කොරොනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබේ. 

'සිනොවැක්' නමින් හැඳින්වෙන මෙම එන්නත, 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට එරෙහිව චීනය නිපදවූ දෙවැනි සාර්ථක එන්නතය. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන 'සයිනෝෆාම්' එන්නතය. 'සයිනෝෆාම්' එන්නත ද හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇත. 

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි චීන එන්නත මෙයයි. මේ වනවිට චීනයේ තවත් ඖෂධ සමාගම් රැසක් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිපදවමින් සිටින බව වාර්තා වේ. 'සයිනෝෆාම්' එන්නත සේම, මෙම 'සිනෝවැක්' එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. 

සිනොවැක් එන්නත ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බව සහතික කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් නිවේදනය කළේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකදීය. 

මෙම එන්නත පහසුවෙන් ගබඩා කිරීම හේතුවෙන් අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

රොයිටර්

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad