පරිනීතිගේ බර වැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 4, 2021

පරිනීතිගේ බර වැඩ

බොලිවුඩ් සුරූපිනියක වන පරිනීති චොප්රා, ලැබෙන ඕනෑම චරිතයකට හරි අපූරුවට සාධාරණයක් ඉටු කරන නිළියක බව මේ වනවිට සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වී සිටින්නීය. 

32 හැවිරිදි පරිනීති, අවසන් වරට රංගනයෙන් එක් වුණු 'ගර්ල් ඕන් ද ට්‍රේන්', 'සායිනා'‍ සහ 'සන්දීප් ඖර් පිංකී ෆරාර්' චිත්‍රපට කැපී පෙනෙයි. ඒ ඇය එකිනෙකට හාත්පසින් වෙනස් චරිත තුනකට රංගනයෙන් දායක විමය. 
සයිනා චිත්‍රපටයේ බැඩ්මින්ටන් ශූරිය වෙමින් ...

ෆිල්ම්ෆෙයාර් සම්මානයකින් මෙන්ම ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේ සම්මානයකින් ද පිදුම් ලැබ සිටින පරිනීති, 2013 වසරේ සිට ෆෝබ්ස් සගරාවේ හොඳම මෙන්ම දක්ෂතම රංගන ශිල්පීන් අතර සිටින්නීය. පරිනීති නිරන්තරයෙන් බොලිවුඩ් සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක්වන නිළියකි. 

මේ දිනවල පරිනීති සිටින්නේ තුර්කියේය. තුර්කියේ සිටින අතතුරේ බර ඔසවමින් ව්‍යායාම කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට පරිනීති කටයුතු කර තිබේ. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී අවසන්ය. 

ඇය එම වීඩියෝව ප්‍රසිද්ධ කළේ නිරෝගීව හැඩැති සිරුරක් පවත්වා ගැනීමට තමන් ව්‍යායාම කරන්නේ මෙහෙමයි යනුවෙන් පවසමින්ය. පරිනීති ඇගේ ව්‍යායාම වීඩියෝ නම් කර ඇත්තේ #WorkingOnMyForm" යනුවෙනි. ඒ, Working From Home යන අර්ථය වෙනස් කරමිනි.
පරිනීතී, අර්ජුන් කපූර් සමඟ රංගනයෙන් එක්වුණු නවතම බොලිවුඩ් සිනමා නිර්මාණය 'සන්දීප් ඖර් පිංකී ෆරාර්' ආදර කතාවක් නොවෙයි. 

'සන්දීප් ඖර් පිංකී ෆරාර්' චිත්‍රපටයට පාදක වන්නේ අපකීර්තියට ලක් වුණු හර්යානා පොලිස් නිලධාරියකු සහ බැංකු සමාගමක විධායක ධුරයක් දැරූ තරුණියක මරණින් බේරී නේපාලයට පලා ගොස් සැඟවී ජීවත් වීමය. 
'සන්දීප් ඖර් පිංකී ෆරාර්' චිත්‍රපටයේ පෝස්ටරයක්

ත්‍රාසය පිරුණු, සංවේදී කතා පුවතක් 'සන්දීප් ඖර් පිංකී ෆරාර්' චිත්‍රපටයට ඇතුළත් වන අතර, එය සාමාන්‍ය බොලිවුඩ් චිත්‍රපටයකින් මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගනී. 

ඊට පෙර පරිනීති රංගනයෙන් එක් වුණු 'ගර්ල් ඕන් ද ට්‍රේන්' චිත්‍රපටය, පෝලා හෝකිංස්ගේ 'ගර්ල් ඔන් ද ට්‍රේන්' ත්‍රාසජනක නව කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom