බෝල්ට් පැරදූ නයිටන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

බෝල්ට් පැරදූ නයිටන්

ඇමරිකා මලල ක්‍රීඩා තරගයකදී එරියන් නයිටන්, වයස 18 ට අඩු ක්‍රීඩකයන් සඳහා පැවැති මීටර් 200 වාර්තාව බිඳ දමා ඇත.

මෙම වාර්තාවේ හිමිකරුවා වූයේ ඔලිම්පික් රන් පදක්කම් 9 කට හිමිකම් කියන ජැමෙයිකා ක්‍රීඩක උසේන් බෝල්ට් වීම විශේෂත්වයකි. මීටර 200 ඉසව්ව වෙනුවෙන් බෝල්ට් දිනූ රන් පදක්කම් සංඛ්‍යාව 3 කි. 

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ජැක්සන්විල්හිදී පැවැති තරගයදී එරියන් නයිටන් මෙම දස්කම කළ බව විදෙස් වාර්තා පවසයි.

17 හැවිරිදි නයිටන් මීටර් 200 ඉසව්ව ජයගත්තේ තත්ත්පර 20.11 කින් එම ඉසව්ව නිම කරමිනි. එහිදී නයිටන් විසින් පරාජය කරනු ලැබූ ට්‍රයිවොන් බ්‍රොමෙල් ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ ඇමරිකානු බලාපොරොත්තුව යයි ද පැවැසෙයි.

ඒරියන් නයිටන් මේ මස අවසානයේදී එක්සත් ජනපද තේරීම් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි. එහිදී ඔහු ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගතහොත්, වසර 57 කට පසුව, ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩකයා ඒරියන් වනු ඇත. 

මේ වනවිට ඇමරිකාවේ මීටර 200 ධාවකයන් අතර හත්වැනි ස්ථානය හිමිවන්නේ ඒරියන් නයිටන්ය. ඔලිම්පික් කණ්ඩායම සඳහා තෝරාගනු ලබන්නේ එම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් තිදෙනා පමණි.

CBS Sports

Classified_Ad

Classified_Ad_News_Bottom